Yours to Explore

AAYO ආයෝ  Rs. 400,000

sri-lankan-world
Fundraiser

Sri Lankan World

“Aayo – ආයෝ” කියන්නේ ආයෝජනය කියන අරුතින් අපි සැළසුම් කළ පාසල් මූලික මාර්ගෝපදේශන  වැඩසටහන. මෙහිදී අපේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ අනාගතය වෙනුවෙන් ආයෝජනයක් කිරීම. ඒ්  මුදලින් කරන ආයෝජනයක් නෙවෙයි. යෞවන යෞවනියන්ට අනාගතය  ගොඩනගා ගැනීම සඳහා  කෙරෙන  ආයෝජනයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. අපේ සමාජයේ තවමත් තිබෙන ඇති නැති පරතරය නිසා බොහෝ  වෙලාවට වරප්‍රසාද නැති  දරුවන්ට අවස්ථාවන් අහිමි වෙනවා. . …

“Aayo – ආයෝ” කියන්නේ ආයෝජනය කියන අරුතින් අපි සැළසුම් කළ පාසල් මූලික මාර්ගෝපදේශන  වැඩසටහන. මෙහිදී අපේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ අනාගතය වෙනුවෙන් ආයෝජනයක් කිරීම. ඒ්  මුදලින් කරන ආයෝජනයක් නෙවෙයි. යෞවන යෞවනියන්ට අනාගතය  ගොඩනගා ගැනීම සඳහා  කෙරෙන  ආයෝජනයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්.

අපේ සමාජයේ තවමත් තිබෙන ඇති නැති පරතරය නිසා බොහෝ  වෙලාවට වරප්‍රසාද නැති  දරුවන්ට අවස්ථාවන් අහිමි වෙනවා. . මේ අඩුව පුරවමින්   දරු  පරපුරට ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් නිසි මග පෙන්වීමක් කරන්න තමයි “Aayo – ආයෝ” වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.

මෙහිදී මුලින්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගය කල  දරුවන් ඉලක්ක කරගෙන ඔවුන්ව උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා  අවශ්‍ය මගපෙන්වීම සිදු කරනවා. ඒහෙමත් නැතිනම් සාමාන්‍ය පෙළින් පසුව උසස්පෙළ නොකර තමන්ගේ  පාසල් ගමන නවතින්න සිදු වන හෝ  නවතින්න තීරණය කරන තරුණ තරුණියන්ව වෙනත් වෘත්තීය පුහුණු මාර්ගෝපදේශන වලට යොමු කරවන්නත් අපි සූදානම්.

ඊළඟට අපි යොමු වන්නේ උසස්පෙළ සමත්/ අසමත් දරුදැරියන් වෙතයි. ඔවුන්ට ඒ් අවදියේදී ඔවුන්ගේ අනාගතය සඳහා වැඩිදුර අධ්‍යාපනයට, වෘත්තියක්/වෘත්තීය පුහුණුවක් තෝරා ගැනීමට, ස්වයං රැකියාවකට යොමු වීමට හෝ  වෙනත් ව්‍යාපාරික අරමුණකට යාමට අවශ්‍ය කරන මාර්ගෝපදේශනය ලබා  දෙනවා  .

මේ සඳහන් කළ අවස්ථාවන් දෙකේදීම අපි තෝරා   ගන්නා පිරිසගේ රුචි අරුචිකම් පිළිබඳව මැන බැලීම සඳහා මනෝ  මිතික පරික්ෂණයක් (Psychometric Test) අපි සිදු කරනවා.  ඒ් තුළින් අපිට ඔවුන් යා යුතු මාර්ගය පිළිබඳව මාර්ගෝපදේශනයක් ලබා දීමට විශාල සහයක් ලැබෙනවා .

“Aayo – ආයෝ” ආරම්භක වැඩසටහන  මැදවච්චිය කොට්ඨාසයේ පාසල් කිහිපයක් ඉලක්ක කරගෙන නියමු ව්‍යාපෘතියක් විදියට සිදු කරන්න අපි සැළසුම් යොදාගෙන තිබෙනවා. ඒ් ව‌ගේම මේ වැඩසටහන සඳහා උපදේශකයන් තිදෙනෙක් හා  රජරට විශ්ව විද්‍යාලයය නියෝජනය කරමින් සිසුන් තිදෙනෙක් පුහුණු කර මේ වැඩසටහනට යොදා ගැනීමට අපේක්ෂා  කරනවා.  ඒ් අනුව තෝරාගන්නා  තරුණ තරුණියන්ට සම්මුඛව සිදු කරන සාකච්ඡා මගින්  උපදේශනය සඳහා  යොමු කරවීමට අපි බලාපොරොත්තු වෙනවා.

මේ හරහා  වරප්‍රසාදිත පාසල්වලට පමණක් සීමා වී ඇති අවස්ථාවන්, ඌන වරප්‍රසාදිත පාසල්වලට ද ව්‍යාප්ත කිරීම අපේ වෑයමයි. මේ නියමු ව්‍යාපෘතියත් සමඟම මීට ලැබෙන සහායය මත අපි දීප ව්‍යාප්තව මෙය සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා  අත්දැකීම් සහිත උපදේශකයන් අප හා  එක් වී සිටිනවා  . ඔවුන් සමඟ එක්ව ඉහළ ගුණාත්මකබවින් යුතුව මෙම කාර්යය සිදු කිරීම අපේ ඒ්කායන බලාපොරොත්තුවයි.

සාමාන්‍ය පෙළින් පසු ජීවිතය සිහිනයක් වන , උසස්පෙළින් පසු ජීවිතය අර්බුදයක් වන තරුණ ප්‍රජාවට අතරමග අතරමං වීමට නොදී “Aayo – ආයෝ”  තුළින් ලොව පුරා විසිරුණු  ශ්‍රී ලාංකික ලෝකයේ වෙසෙන පුරවැසියන් වන ඔබේ දායකත්වය ද ඇතිව අපේ පුංචි ශ්‍රී ලංකාවේ සතුට සිනහව පිරුණු  ශක්තිමත් ආර්ථිකයක් සහිත මිනිසුන් බිහි කිරීමට පුළුවන් වේවි.

 එක් දරුවකු සඳහා අවශ්‍යතා අනුව අවම රුපියල් 2000 ක පමණ මුදලකුත් උපරිම රුපියල් 6000ක මුදලකුත් වැය   වනු ඇතැයි බලාපොරොත්තු වනවා .  ඔබ කැමති මුදලක් පරිත්‍යාග කරලා මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. විනිවිද   බවකින් යුතුව, නිසි විගනනයකට යටත්ව මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට Vision2040 බැඳී සිටිනවා.වැඩසටහනේ ප්‍රගතිය මේ පිටුව තුලින් නිරන්තරයෙන්  යාවත් කාලීන කෙරෙනු ඇති.

invest in our future……

Aayo Career Guidance Program

Aayo is a school-based career guidance program primarily serving underserved schools.  It will be promoted as an investment for the future, not a financial investment, but an investment to make a better future in terms of vocational aspects and careers. This program is mainly designed to suit the youth of the country.

Not all children get equal opportunities in terms of resources. Many of them lose options to shape their future because of this reason. So Aayo will be an excellent opportunity for all the youngsters who need help and advice for their future development.

The initial step is to focus on the students who complete the Ordinary Level examination. Aayo has specially designed programs to guide them to complete the G.C.E. Advanced Level stage successfully. Also, this has another program focusing on the youth who do not wish to continue higher studies or complete the G.C.E. Advanced Level examination. They will have special guidance programs to pick the careers they want.

The next phase will be the guidance programs for those who get through the Advance levels and those who fail to complete them. Both these parties will get the necessary guidance to shape their future and pick the correct path. We wish to conduct entrepreneurship development as part of the program.

Before initiating any of these programs, we will evaluate the interests based on a psychometric test. It is of great advantage to select the ideal options for each student.

Our Pilot project will be carried out in Kirigalwewa Maha Vidyalaya of the Madawachchiya division under the Guidance of Human Resource /Career Guidance professionals and one on one counselling offered by trained University students  . It is planned to launch as an island-wide program based on the favorable results of the pilot program.

The initial cost per student will be around Rs 2000 to Rs 6000. We humbly request your support towards this timely venture aimed at narrowing the divide prevailing in the society and producing productive citizens.

LKR100

raised of LKR400,000 goal

    LKR
    .00

    Help by sharing

    Rajith Kalpana
    • LKR100
    • 1 year ago