ආග්‍රාම – කරම්බන්කුලම,මැදවච්චිය
Vision 2040 ගෙන එන ආග්‍රාම වැඩසටහන ගම මූලික කරගෙන ක්‍රියාත්මක වන සංවර්ධන අත්හදාබැලීමක්.
මෙය සරල සංකල්පයක් අනුව ගොඩනැගුණු ක්‍රමවේදයක්. ගමක් මුල් කරගෙන පිහිටුවන ආග්‍රාම සමාජයකට ඒ ගමේ සිටින ඕනෑම කෙනකුට එකතු වෙන්න පුළුවන්. වගා වන්ට, සුළු ව්‍යාපාරික වැඩ වලට, සත්ව පාලනයට ආදී ආර්ථික කටයුතු වගේම වෙනත් ආර්ථික නොවන කටයුතු වලටත් යම් මුදලක් ලබා ගන්න බොහෝ දෙනකුට පහසු නැහැ. බැංකු පද්ධතියේ දැඩි ප්‍රතිපත්ති සහ රෙගුලාසි නිසා ඔවුන් අධික පොලී යටතේ අවිධිමත් ක්‍රම වලින් තමන්ගේ අවශ්‍ය තාවන් ඉෂ්ට කරගන්න ඒ නිසා පෙළඹෙනවා.
ආග්‍රාම සමාජය, සාමුහිකව රැස්වෙන, සාමුහිකව තීරණ ගන්න හා සාමුහිකව විසිරී යන ස්වයං පාලිත ව්‍යුහයක්. මේ වැඩසටහන මගින් සෑම ගමකටම ආග්‍රාම මූල්‍ය සංචිතයක් ලැබේවි .ඔවුන් පුද්ගල අවශ්‍යතා වල ප්‍රමුඛතා හඳුනාගෙන සංචිතයෙන් ප්‍රතිපාදන ලබාදිය යුතු අය සාමුහික තීරණ මගින් හඳුනාගෙන ඒවා ලබාදෙනු ඇති. ඒ මුදල් ලබාගත් අය විසින් සාධාරණ පොලියකට යටත්ව යළි සංචිතයට ගෙවීමට කටයුතු කරනු ඇති.මේ අනුව ආග්‍රාම වැඩසටහන දුප්පත්කම නඩත්තු කිරීම වෙනුවට ඉන් මිදීමට ජනතාව යොමු කරවන වැඩසටහනක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
ආග්‍රාම සමාජ දේශපාලනයෙන් ස්වායත්ත ස්වාධීන ඒකක වන අතර බහුතර කැමැත්තෙන් තීරණ ගත යුතුවේ. මුදල් පාලන කටයුතු වලදී වඩා ආරක්ෂා කාරී පියවරක් ලෙස Vision2040 නියෝජිතයකුද සහභාගී කරගැනීම අනිවාර්ය කර තිබේ. මූල්‍ය සංචිතය වර්ධනය කරගැනීම , ගමේ මුදල් ලබාගත් ව්‍යාපෘති වල ප්‍රගතිය. සහන නය ආපසු ගෙවීමේ ප්‍රතිශතය, ගමේ පොදු අවශ්‍යතා සඳහා ලබාදී තිබෙන දායකත්වයන් සලකා බලාඉදිරියේදී අනුග්‍රහකයන්ගේ ඡන්දයෙන් ආග්‍රාම සමාජ අගය කිරීමකට ලක්කෙරෙනු ඇති.
ආග්‍රාම පළවෙනි වැඩසටහන විදියට තෝරා ගත්තේ මැදවච්චිය කරම්බන්කුලම කියන ගම්මානයයි. මේ ඉන්නේ අපේ පුංචි ව්‍යවසායකයන්ගෙන් එක්කෙනෙක්.
නිශාන්ති කුමාරි – ආපන ශාලාව , මැදවච්චිය කිරිගල්වැව මහා විද්‍යාලයය, අනුරාධපුර.
නිශාන්ති කුමාරි කියන්නේ අනුරාධපුර මැදවච්චිය කරම්බන්කුලම ප්‍රදේශයේ ජීවත් වන 33 හැවිරිදි දෙදරු මවක්. ඇගේ සැමියා ගොවිතැන් කටයුතු තමයි සිදු කරන්නේ. නිශාන්තිගේ වැඩිමහල් දරුවාට වයස අවුරුදු 13ක් වන අතර බාල දියණියගේ වයස අවුරුදු 4ක් වනවා. අපේ රටේ පවතින ආර්ථික අර්බුදයත් එක්කම නිශාන්තිගේත් ඇගේ සැමියාගේත් ආර්ථික තත්වයත් පහළට වැටෙනකොට නිශාන්තිට කර කියා ගන්න දෙයක් තිබුණෙ නැහැ. එන්න එන්නම අවශ්‍යතාවන් වැඩි වෙද්දි නිශාන්ති කල්පනා කළේ ලොකු පුතාගේ අධ්‍යාපනයට අවශ්‍යය වියදම් ටික පියවාගන්න මොනවම හරි කරන්න ඕනේ කියලා. නිශාන්ති තනියම ගඩොල් කපන්න පටන් ගත්තා.
සැමියා ගොවිතැනට ගියාට පස්සේ නිශාන්ති මේ විදියට මැටියෙන් හදපු ගඩොල් ප්‍රමාණය 4000ක්. මේ ආර්ථිකයත් එක්ක මිනිස්සු ගෙවල් හදන එකත් නැවතිලා තියෙන එකේ නිශාන්තිගේ ගඩොල් විකිණීම සිදු වුණේ හරිම හෙමින්. ඒ අතරේ නිශාන්තිගේ ලොකු පුතාගේ පන්ති ගමනත් එක පන්තියකට විතරක් සීමා කරන්න ඇයට සිද්ධ වෙන්නේ අමතර පන්තිවලට ගෙවාගන්න තරම් මුදලක් ආදයමක් ඇයට නොලැබෙන නිසා. නිශාන්තිගේ දෙවැනි දරුවා දියණියක්. ඇය ලබන වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වෙන්න බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ ගෙදර ආර්ථික අපහසුතාවය තවත් වැඩිවෙන බව නිශාන්තිට තේරෙන්න පටන් ගන්නවා.
මේ අතරේ තමයි නිශාන්තිට අවස්ථාව ලැබෙන්නේ ගමේ ඉස්කෝලේ ආපන ශාලාව කරගෙන යන්න. ඉතින් හැමදාම පාන්දර 2ට අවදිවෙන නිශාන්ති සැමියාත් එක්ක එකතුවෙලා ගමේ ඉස්කෝලේ කැන්ටිමට කෑම දාන්න පටන් ගන්නවා. පෑන් කේක්, රොටි, ඉඳිආප්ප, පැටිස් සහ වඩේ වගේ කෑම නිශාන්තිම හදාගෙන ගෙදර තියෙන පාපැදියෙන් සැමියාත් එක්ක නිශාන්ති උදෙන්ම ඉස්කෝලෙට එන්නෙ එදා දවසේ ආදායම සරිකරගන්න.
නිශාන්තිගෙ මේ කෑම ඉස්කෝලෙ ඉන්න ළමයි සහ ගුරුවරුන්ට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද නිශාන්ති කෑම හදාගෙන යන්නෙ ගෙදර ඉඳලා නිසා. නිශාන්තිට ආපන ශාලාව ඇතුළෙම මේ කෑම හදන්න පහසුකම් තියෙනවා නම් මීට වඩා සාර්ථකව ඇයට මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ඉතින් ඇයට මේ සඳහා අවශ්‍යය කරන දේවල් කිහිපයක් තිබෙනවා.
ගෑස් උඳුනක්
බ්ලෙන්ඩර් එකක්
විදුලි උඳුනක් ( Oven )
විදුලි කේතලයක්
ශීතකරණයක් (Mini)
ආහාර දැමීමට අවශ්‍යය වීදුරු කබඩ් එකක් (Show Case)
ඉතින් මේ විදුලි උපකරණ ටික අපි ඇයට සපයලා දුන්නොත් ඇයට පුළුවන් කොළ කැඳ, විවිධ පළතුරු බීම, විවිධ ආහාර වර්ග වැනි පෝෂ්‍යදායී දෑ සකස් කරන්න. ඒ වගේම පාන්දර 2ට අවදි වෙලා කෑම මහා ගොඩක් හදන්නෙ නැතිව නිශාන්තිට පුළුවන් වෙනවා ගෑස් උඳුනෙන් ආපන ශාලාව ඇතුළෙම ආහාර සකස් කරන්න.
නිශාන්තිගේ ආපන ශාලාවෙන් කෑම ගන්න පාසල් දරුවන්ට හොඳ පෝෂ්‍යදායී ආහාර ලබා දීම අපේ අරමුණයි. රටේ හෙට දවස භාර ගන්න ඉන්න දරුවන්ගේ යහ සෞඛ්‍යය වෙනුවෙන් ඔවුන් පාසලේදි ගන්නා ආහාර රටාව ගුණාත්මක කිරිම නිශාන්තිගේ ආපන ශාලාව වැඩි දියුණු කිරීමට උදව් කිරීමෙහිලා අපි බලාපොරොත්තු වන තවත් එක අරමුණක්.
ඉතින් නිශාන්ති ගේ ව්‍යාපෘතියට රුපියල් 80,000 ක පමණ මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ නිසා පළමුවෙනි ආග්‍රාමයේ සංචිතයට අවම රුපියල් 80,000 ක් අවශ්‍ය වෙනවා. ඊට වැඩි යෙන් ලැබෙන සියළු මුදල්, කරම්බන්කුලම ආග්‍රාම සංචිතයට යොමු කරනවා අනෙකුත් ව්‍යාපෘති හඳුනාගෙන උදව් ලබාදෙන්න.
නිශාන්තිගේ ආපන ශාලාව ගමේ සිටින තවත් අයගේ ආදායම් මාර්ගයක් බවට පත් කරන්න අපි සැළසුම් කරලා තිබෙනවා.නිශාන්තිට අවශ්‍යය එළවළු, බිත්තර, විවිධ කෑම වර්ග ගමේම වවන, කුකුළු ගොවිපොළ කරන සහ කෑම හදන අපේ අනෙක් පුංචි ව්‍යාපාරිකයන්ගෙන් ලැබෙනවා. ඒ තුළින් කිසිම ආදායමක් නැති කෙනෙකුට වුණත් ගම ඇතුළෙම රැකියා වෙළෙදපොලක් නිර්මාණය වෙලා ඉවරයි.
Argrama
Argrama is a village-based development exercise by Vision 2040. Membership of Argrama Samaja is open to anyone above 18 years of age living in the village. The approach is mainly for monetary aid for small businesses, cultivation, cottage industries and other ventures. The idea is to support the villagers with finances, mentoring and knowhow as the procedures in the banks are very tough, less supportive and non-comprehensive .
The Aagrama Samaja are self-ruled, small units that support the needs of the team members; those who get the financial aid are entitled to pay a nominal interest for the respective amounts they obtained. Through this mechanism their reserve will slowly grow, and the village will have sufficient funds at some point to manage their own affairs Every Aagrama unit needs to have a clear and robust plan to handle the finances, and a representative of Vision 2040 will oversee finances of Aagrama to ensure transparency and proper utilisation of their funds.
Our First Argrama will be in a small village in Madawachchiya called Karambankulama.
This is the story of our first recipient.
Nishanthi is a 33 old mother of two kids. The eldest boy is 13 years old, and the youngest, a daughter, is only 4. Her husband is a farmer. Along with the crisis in the country, the expenses started skyrocketing, and Nishanthi had to think twice about how to help with her son’s education. Also, the daughter will soon start her primary education, increasing her expenses.
So, she started making clay bricks for construction. With great effort, she was able to make 4000 bricks. But the country’s current situation has created a massive downfall in the construction industry, so Nishanthi had to face the challenge of selling her bricks.
In the meantime, she got the opportunity to run the school canteen in the village school Kirigalwewa Maha Vidyalaya. So, she started the job with minimal resources. Nishanthi, who is very enthusiastic, gets up early in the morning, prepares the food, and takes it to school. But soon, she realized that the quality she could make at home needed to be improved to fulfill the requirement. If she could make the food at the canteen premises, she could provide more with less effort. And for that, we realized that if we could give her a blender, a gas cooker, an oven, an electric kettle, a mini fridge, and a showcase, she could do an excellent job in providing nutritious meals to the kids and the staff of the school.
Following the estimation, if Nishanthi can have the financial support of Rs 80,000 minimum, she can build up her venture more successfully. We hope to collect funds and assist Nishanthi. The extra funds will be kept to utilize for other similar projects in the same village. And also, Nihanthi’s venture will create more opportunities for other small vendors in the village who can provide eggs, vegetables, and other essential food items to the school canteen.