Yours to Explore

YES CLUBS STAGE 1 Rs 600,000

sri-lankan-world
Fundraiser

Sri Lankan World

ඉංග්‍රීසියෙන් කතා කිරීම තවදුරටත් සිහිනයක් නොවන්නට ….. ඉංග්‍රීසි අද  ‌වෙනකොට ලෝකෙ අත්‍යවශ්‍යය  භාෂාවක් බවට   පත්වෙලා. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වසර 13ක් ඉංග්‍රීසි කියලා විෂයක් තිබුණාට කතා කරන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? අපේ රටේ ඇති වෙලා තිබෙන බහුතර ප්‍රශ්නවලට මූලික හේතුව විදියට සමාජයේ පවතින අවිධිමත් බෙදීම දකින්න පුළුවන්. ඇති – නැති  වශයෙන් වගේම අපේ සමාජය ඉංග්‍රීසි …

ඉංග්‍රීසියෙන් කතා කිරීම තවදුරටත් සිහිනයක් නොවන්නට …..

ඉංග්‍රීසි අද  ‌වෙනකොට ලෝකෙ අත්‍යවශ්‍යය  භාෂාවක් බවට   පත්වෙලා. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වසර 13ක් ඉංග්‍රීසි කියලා විෂයක් තිබුණාට කතා කරන්න පුළුවන් කීයෙන් කී දෙනාටද?

අපේ රටේ ඇති වෙලා තිබෙන බහුතර ප්‍රශ්නවලට මූලික හේතුව විදියට සමාජයේ පවතින අවිධිමත් බෙදීම දකින්න පුළුවන්. ඇති – නැති  වශයෙන් වගේම අපේ සමාජය ඉංග්‍රීසි කතා කරන හා නොකරන ලෙසත් කොටස්වලට බෙදී තිබෙනවා. අද වන විට ඉංග්‍රීසි කතා කරන සමාජයට තිබෙන බොහෝ වරප්‍රසාද ඉංග්‍රීසි නොදන්නා පිරිසට  අහිමි වීම මෙන්ම ඒ නිසා ඔවුන්ට අසාධාරණයක් සිදු වීම, රැකියාවන් සොයා ගැනීමේදී වගේම ජීවන ගමනේ ඉහළට යාමට, ලෝකය විවෘතව දකින්න ඉංග්‍රීසි නොදැනීම ඇතැම්විට බාධාවක් වෙලා තිබෙනවා. මේ තරම් අර්බුද පෙනි පෙනීත් මේ ගැටලු හමුවේ කිසිදු විකල්පයක් හෝ විසඳුමක් පෙනෙන තෙක් මානයකවත් නැහැ. ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් තරුණ තරුණියන් වෙනුවෙන් නොමිලේ  හඳුන්වා   දෙන්න අපි සූදානම්.

YES CLUB …

සම්ප්‍රදායික ඉංග්‍රීසි පන්තියකින් ඔබ්බට ගිය YES CLUB වැඩසටහන  වයස අවුරුදු 15ත් 28 ත් අතර තුන්  දෙනකු ගේ සිට පස්දෙනකු දක්වා සාමාජිකයන් සිටින ඉංග්‍රීසි කතා කරන සමාජයන් හරහා ක්‍රියාත්මක වන්නක්  .ලංකාවේ ඕනෑම තැනක මේ YES club එකක්‌ පිහිටුවාගෙන නොමිලේම ඉංග්‍රීසි ඉගෙන ගන්න මේ හරහා පුළුවන්.2040 වසර වන විට, ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 40ට අඩු ජනගහනයෙන් 70%ක් එක්සත් රාජධානියේ සිටින ඔවුන්ගේ සමකාලීනයන් හා සමානවම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණයන් බවට පත් කිරීම YES Club හි අරමුණයි.

මේ වැඩසටහන  පරිගණක ක්‍රීඩාවක් වගේ App එක හරහා Bronze, Silver, Gold, Platinum යන මට්ටම්වලට  YES Club හි සාමාජිකයන්ගේ දැනුම ඉහළට ඔසවනවා. ඒ් සම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් නම් නෙවෙයි. වීඩියෝ  හරහා  රසවත් විදියට විනෝදාත්මක විදියට වගේම විශේෂයෙන් කිසිම කම්මැලිකමක් නැතිව බස හැසිරවීමේ කලාව  ඔවුන් විසින්ම   ඉගෙනගන්නට  සළස්වනවා.සෑම වැඩසටහනක් අවසානයේම YES club වලට ක්‍රියාකාරකම් ලබාදෙනවා ඔවුන් ඒවා වීඩියෝ විදිහට App එකට යොමු කල යුතුයි.ඔවුන්ගේ ප්‍රගතිය නියාමනය ක්‍රමානුකුලව සිදුවෙනවා.

YES Club නම හැදෙන්නේ  Young English Speakers Club යන තේරුමෙනුයි. තරුණ ඉංග්‍රීසි කතා කරන්නන් නිර්මාණය කරමින් මීට වසර 50ට 60ට කළින් ගත් වැරදි තීන්දුවක් නිවැරදි කරන්නත් අපිට හැකියාව තියේවි.  අපි ඉංග්‍රීසි උගත් ශ්‍රී ලාංකිකයන්, ලෝකයට විවෘත වූ මිනිසුන් බිහි කරන්න සූදානම්.

මේ වැඩසටහනට App එකක් නිර්මාණය කරන්නට අවශ්‍යයයි. ඒ Android හා IOS ජංගම දුරකතන සඳහායි. ඒ වගේම Lesson Plan (ක්‍රියාකාරකම්)නිර්මාණය කරන්න අවශ්‍යය වෙනවා. අපි මේ වැඩසටහන්  මාලාවේ පළමු අදියරට ඒ කියන්නේ Bronze මට්ටමට අදාළව පමණක් වීඩියෝ කතාංග 15ක් නිර්මාණය කළ යුතු වනවා. ඒ විතරක් නෙවෙයි මේ සමස්ත වැඩසටහනම නියාමනය කිරීම සඳහා එක්වන සම්පත්දායකයින් සඳහා ද ගෙවීමක් කළ යුතු වනවා.

Bronze අදියරේ  මුළු වියදම්වල ආසන්න එකතුව අමෙරිකානු ඩොලර් 8300ක් පමණ වෙනවා. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 31කට ආසන්න මුදලක්. මේ මුදල හොයන්න ලෝකය පුරාම විසිරි පැතිරී සිටින ශ්‍රී ලාංකේය ඔබටත් දායක විය හැකියි. කැමති මුදලක් මේ වැඩසටහන වෙනුවෙන් පරිත්‍යාග කරලා  මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න එකතු වෙන්න අපි ඔබට ආරාධනා කරනවා. විනිවිද  බවකින් යුතුව විගණනයකට යටත්ව කටයුතු කරන අප ආයතනය නිරන්තරයෙන් ඔබව වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව  යාවත් කාලීන කරනවා ඇති.

මෙහි පළමු අදියර යටතේ Bronze කණ්ඩායම් සඳහා පාඩම් 24 කින් යුත් අභ්‍යාස සඳහා සම්පත් දායක දීමනා වෙනුවෙන් එක පාඩමකට රුපියල් 25000 බැගින් රුපියල් ලක්ෂ 6 ක් වැයවන බවට ගණන් බලා තිබේ.

Speaking In English Is NOT A Dream Anymore! – YES CLUBS

 English has become an essential language in the world. Though English is taught as a subject in the Sri Lankan education system, how many of Sri Lankans can speak English fluently?

YES CLUB…

YES, CLUB is a program beyond a traditional English Language teaching class. This program is operated via English-speaking communities that comprise three to five members in one community group. Anyone can learn English by establishing a YES CLUB anywhere in Sri Lanka. The key objective of YES CLUB is, by year 2040, to empower 70% of the population under 40 years of age by transforming them into expert English speakers, just like their contemporaries in the United Kingdom.

The specialty of this program is that the teaching method is so unique and accessible as an online game app for android and iOS mobile phones. The App has a reward system that will make the user move above the ladder to the Bronze, Silver, Gold, and Platinum platforms according to skill levels. It is more of a collective-learning approach through interesting methods used in a game. The user’s kills are evaluated by uploading the video to the App, and the YES CLUB will systematically assess their progress. It is an efficient and updated method compared to the other learning approaches.

The YES CLUB, with the meaning Young English Speakers club, looks at all potential to create a community well-versed in English that can move along with the contemporary native English speakers of the world.

It will surely be an excellent opportunity for all who would love to take the initiative in creating this superb platform. The initial step is to create the bronze level of the App with 15 modules and work assessment plans. The cost for this phase would be around US$ 8300, equivalent to 3.1 million Sri Lankan Rupees. So, it is a considerable capital that is needed for the entire process. And we cordially invite all the well-wishers worldwide who would like to be a part of it to join hands with us for this worthy cause. Let s join hands with a financial contribution of your choice……

Stage 1: Stage 1 of this program intends to prepare 24 lessons (at Rs 25000 per lesson) required for Bronze level learning. Cost includes payment for  Resource Personnel. 

LKR25,000

raised of LKR600,000 goal

    LKR
    .00

    Help by sharing

    Hemantha Jay Edirisooriya
    • LKR25,000
    • 2 years ago